රිචඩ් පතිරණ ගුණ සැමරුම අද 3.00ට ගාල්ල බස්නැවතුම ඉදිරිපිට

  👤  693 readers have read this article !
By mawbima 2018-08-10

මාපලගම - රසික සෙනෙවිරත්න

දිවංගත හිටපු ඇමැතිවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ දසවැනි ගුණ සමරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) පස්වරු 3.00ට ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට රිචඩ් පතිරණ පිළිරුව ඉදිරිපිටදී පැවැත්වේ.

මෙදින පස්වරුවේ රිචඩ් පතිරණ පිළිරුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ෙදාස්තර රමේෂ් පතිරණ යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීන් විසින් පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු රිචඩ් පතිරණ දශක පුරණ මතක වත සමරු උත්සවය ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාව අබියස ඉදිකොට ඇති විශේෂ පීථිකාවකදී පැවැත්වේ.

සමරු දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රවීණ දේශක අත්තනායක එම්. හේරත්, දිවංගත ඇමැති ආචාර්ය රිචඩ් පතිරණයන්ගේ දේශපාලන සමකාලීනයකු වන ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසින් පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon