විජයකලාගෙන් පොලිසිය ලබා ගත් ප්‍රකාශය නීතිපතිට යවයි

  👤  747 readers have read this article !
By mawbima 2018-08-10

චාමර අමරසූරිය

යාපනයේ පැවැති රාජ්‍ය උත්සවයකදී එල්ටීටීඊය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට අදාළව හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ලබා ගත් ප්‍රකාශය ඉදිරි විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාට භාර දී තිබේ.

ද්‍රවිඩ භාෂාවෙන් ඇය ලබාදුන් ප්‍රකාශයට භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් සිංහලයට පරිවර්තනය කොට නීතිපතිවරයාට මෙලෙස භාරදී ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් යාපනයට ගොස් ඇයගෙන් මෙම ප්‍රකාශය මීට සති දෙකකට පමණ ඉහතදී ලබාගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon