ප්‍රජා පොලිස් සේවයට අවබෝධතා ගිවිසුමක්

  👤  690 readers have read this article !
By mawbima 2018-08-10

චාමර අමරසූරිය

සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ජාතික සමඟිය, සංහිඳියාව හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිෂ්ඨාපනය සඳහා වන අවබෝධතා ගිවිසුම ඉකුත්දා සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අස්සන් තබන ලදී.

මෙම අවබෝධතා ගිවිසුම වෙනුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල මහතාත් අස්සන් තබන ලදී.

මේ අවස්ථාවට සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ෂෙහාන් මුස්තාපා, අධ්‍යක්ෂ දේශීය කටයුතු සංජීව විමලගුණරත්න, පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ප්‍රියංකර ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon