ලබන සිංහල අවුරුද්දට කලින් මහින්ද අගමැති කරනවා දුමින්දටයි - අමරවීරටයි පක්ෂයෙන් තීන්දු තීරණ ගන්න බෑ - ඩිලාන් පෙරේරා

  👤  695 readers have read this article !
By mawbima 2018-08-10

රුචිර දිලාන් මධුශංඛ

ලබන අවුරුද්දේ සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් මහින්ද මහත්තයා අගමැති පුටුවේ ඉන්දවනවා. එය මම ඉතා වගකීමෙන් කියන්නෙ; ස්ථිරයි; අෑවරයි; දෑවරයි; තුන්අෑවරයි; යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසයි.

නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

ඊළඟ සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් මහින්ද මහත්තයා අගමැති පුටුවේ ඉන්දවනවාම තමයි. ඊට කලින් අපි ඉතුරු 23 දෙනාගෙන් 8ක් හෝ දහයක් ඒකාබද්ධ විපක්ෂයට ගන්නවා. පළාත් සභා ඡන්දයෙන් පස්සේ ජනාධිපතිවරණය එනවා. එය ජයග්‍රහණය කරන්න ඕනෑ නම් තවදුරටත් ශ්‍රී ලනිපයේ ඉඳගෙන ඒක කරන්න බෑ. අපි කිව්වා ඊළඟ පක්ෂ සම්මේලනයට පෙර අපි ඒ කට්ටිය අපේ පැත්තට ගන්නවා. එහෙම නැත්නම් අපි ශ්‍රී ලනිපයේ බලය ගන්නවා. දුමින්දටයි මහින්ද අමරවීරටයි ඕන විදියට ශ්‍රී ලනිපයේ තීන්දු තීරණ ගන්න අපි ඉඩ තියන්නේ නෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon