ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට පොල් ගැසීම නතර කරන ලෙස ගෞරවනීය ඉල්ලීමක්

  👤  905 readers have read this article !
By mawbima 2018-08-10

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය

දෙස් විදෙස් සැදැහැවත් බෞද්ධයන්ගේ වන්දනීය පූජනීය වූ අනුරාධපුරය මහමෙව්නා පුණ්‍ය භූමියේ පිහිටි ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගැසීම නතර කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන්ගෙන් ඉතා ගෞරවනීය ඉල්ලීමක් සිදු කළ බව සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පැවැසුවේය.

මාස කිහිපයක සිට ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ඇතැම් පිරිස් වැලි මළුවේ ස්ථානයක පොල් ගසන අයුරු නිරීක්‍ෂණය වූ බවත් එය එදින සිදුවූ යම් වැදගත් කටයුත්තක් බවට සිතුවත් දිගින් දිගටම එය සිදුවන බව දැන ගන්නට ලැබීම නිසා සිය සංවිධානයේ සාමාජිකයන් පිරිසක් හා තවත් බෞද්ධ තරුණයන් පිරිසක් පැමිණ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස පොල් ගැසීම නතර කරන ලෙස නායක ස්වාමීන් වහන්සේගෙන් ගෞරවනීය ඉල්ලීමක් කළ බව සභාපතිවරයා පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා.

මේ ස්ථානයට අපි ගරු බුහුමන් කරන්නේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිනා ස්ථානය කියලා හිතාගෙන. අද වන විට කපු මහත්වරුන් සිටින ස්ථානයට පහළින් කළු ගලක් තියලා පොල් ගහනවා. ශ්‍රී මහ බෝධිය කෝවිලක් නෙවෙයි. මෙතැන රජ සමයේ කෝවිලක් තිබිලා සුදුසු නෑ කියලා ඒක අයින් කරලා තියෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා.

මම ඇතුළු සාමාජිකයන් 20 දෙනකු පමණ ඒ පිළිබඳ අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැකලා කිව්වා. නමුත් උන්වහන්සේ කිව්වේ ඒකේ වැරද්දක් නෑ කියන එක තමයි.
උන්වහන්සේ ඒ පිළිබඳ අවධානයක් යොමු කරපු ආකාරයක් පෙනුණේ නෑ යනුවෙන් ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon