ලෝක ආදිවාසී දින සැමරුමට මින් පසු උත්සව නෑ - ආදිවාසී නායක වනස්පති වන්නිලා ඇත්තෝ

  👤  982 readers have read this article !
By mawbima 2018-08-10

මහියංගණය - රංජිත් කරුණාවීර

"වරිග සභා 13ක් පවත්වා ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳ සන්දේශ අපි රජයට භාරදීලා තියෙනවා. ඒත් ආදිවාසී ගම්මාන රැසක ගැටලු තාමත් විසඳිලා නෑ. මින් පස්සේ ආදිවාසී දින සැමරුම් උත්සව තියන්නේ නෑ කියලා මම තීරණය කළා. ඒ සඳහා යන වියදමින් ඒ ඒ ගම්මානවල ප්‍රධාන ගැටලු හා අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න මම තීරණය කළා.

වසර 6ක් යන කොට ආදිවාසී ගම්මාන 6ක ප්‍රධාන ගැටලු විසඳිලා. පරම්පරාව සංස්කෘතිය ආරක්ෂා කර ගන්න ඕන නම් මේ අයගේ බඩගින්න නැති කරන්න ඕන. ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරන්න ඕන. රජය විසින් වැඩි දායකත්වය දෙනවා නම් ඒක වඩාත් වැදගත්" යැයි විශ්වකීර්ති වනස්පති වන්නිලා ඇත්තන් ඊයේට (9දා) යෙදෙන ලෝක ආදිවාසී දිනය සැමරීමේ රාජ්‍ය උත්සවය අමතමින් දඹාන කොටබකිනිය ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය.

ලෝක ආදිවාසී දිනය ඊයේ (9දා)ට යෙදී ඇති අතර ලෝක ආදිවාසී ජනගහනයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 9දා ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ආදිවාසී දින සැමරුම මධ්‍යම සංස්කෘතික අරමුදල, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් "සංක්‍රමණ හා සංචලනය" යන තේමාවට අනුව ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් සේදවත්ත පුරාණ විහාරාධිපති, අග්‍රාමාත්‍යතුමන්ගේ බෞද්ධ කටයුතු උපදේශක හා මධ්‍යම සංස්කෘතික කටයුතු අරමුදලේ බෞද්ධ හා කලා කටයුතු උපදේශක අඹන්වල ඥානාලෝක හිමියන්ගේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

දඹාන, රතුගල, නිල්ගල, පොල්ලේබැද්ද, හේනානිගල සහ වාකරේ යන වැදි ගම්මාන හයක ආදිවාසී ප්‍රජාවගේ සහභාගිත්වය ඒ සඳහා ලැබුණ අතර කොටබකිනිය ගම්මානයේ මොරබැද්දේදී රාජ්‍ය උත්සවය පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon