රිදෙන්නේ ජනතාවටයි: ආණ්ඩුවට නොවෙයි

  👤  2839 readers have read this article !
By mawbima 2018-08-10

පහන් විජේසේකර

වෛද්‍යවරුන්, දුම්රිය සේවකයන් හෝ මොනයම් වෘත්තිකයන් පිරිසක් විසින් හෝ සිදු කරනු ලබන වැඩ වර්ජන, විරෝධතාවලින් ආණ්ඩුවට රිද්දන්නට උත්සාහ දැරීම මිථ්‍යාවක් බවත් ඉන් පීඩාවට පත්වන්නේ රටේ අහිංසක පොදු ජනතාව බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

පොදු මගී ප්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවද භාවිත කරන්නේ ධනවතුන් නොව රටේ අහිංසක ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙරේදා සිදු කළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට අත්විඳීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය පිළිබඳව කනගාටුවෙන් සිහිපත් කළේය.

එබැවින් රටේ පොදු මහජනතාව පීඩාවට පත් නොකොට බුද්ධිමත්ව සහ මානුෂීය අන්දමින් සිය ගැටලු විස¼දා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩ වර්ජනවලට සූදානමින් සිටින වෘත්තීය සමිති කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා ආයුර්වේද ඔෟෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඔෟෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන අරඹමින් ඊයේ (09දා) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon