සජිත්ගෙන් නිවැරැදි කිරීමක්

  👤  3142 readers have read this article !
By mawbima 2018-08-10

බද්ධ නිවාස අයිතිවාසිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක් පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කතා කිරීමට සූදානම්ව සිටි බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා කතා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වූවේ තමා විසින් බවත් නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ඔහු එසේ කීවේ "සජිත්ගේ විවාදයට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් කථිකයන් පොල්ල තියලා" යනුවෙන් ඊයේ 'මව්බිම' පත්‍රයේ පළවූ පුවතට අදාළ ශීර්ෂ පාඨය ගැන කරුණු පැහැදිලි කරමිනි.

පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වා ගෙන යෑමේ වගකීම පවතින්නේ විපක්ෂයට බවත් විපක්ෂයෙන් මේ විවාදයට සහභාගි වීමට නම් කර සිටි මන්ත්‍රිවරුන් සභාවේ නොසිටි බවත් විවාදයට සහභාගි වීමට සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කතා කිරීම වළක්වා ගන්නට තමා ක්‍රියා කළ බවත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon