හෙට්ටිමුල්ල නව කනිටු විදුහලේ ඒ/ඹ් විභාග ශාලාධිපති හෘදයාබාධයකින් මිය යයි

  👤  2793 readers have read this article !
By mawbima 2018-08-10

කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ

කෑගල්ල හෙට්ටිමුල්ල නව කනිෂ්ඨ විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ විභාග ශාලාධිපතිවරයා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇත.

මෙසේ මරණයට පත්වී ඇත්තේ කෑගල්ල ශාන්ත මරියා දෙමළ පාසලේ විදුහල්පතිවරයා වූ ගෝලින්ද වත්තේ පදිංචිව සිටි 57 හැවිරිදි කදිරමලේ ආරුමුගම් නමැති අයෙකි.
හෙට්ටිමුල්ල නව කනිෂ්ඨ විද්‍යාලයේ විභාග ශාලාධිපතිව සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා කෑගල්ල රෝහලට ගෙන එන අතරතුරදී ඔහු මෙසේ මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

ඔහුගේ මෘත ශරීරය දැනට කෑගල්ල රෝහලේ
තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon