සධීර, දිමුත් හා නිෂාන් අප්‍රිකානු නැගී එන කණ්ඩායම විනාශ කරයි

  👤  2905 readers have read this article !
By mawbima 2018-08-10

සධීර සමරවික්‍රම හා දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ අනර්ඝ පන්දු යැවීමත් හේතුවෙන් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම ලකුණු 215කින් පරාජය කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්ව සිටී.

පළමු එක්දින තරගය ලෙස දඹුල්ල රංගිරි දඹුළු ක්‍රීඩ පිටියේදී පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකාව කඩුලු 3කට ලැබූ දැවැන්ත ලකුණු 376ට පිළිතුරු සැපයූ දකුණු අප්‍රිකානුවන්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 161ක් පමණි. එහිදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ සධීර සමරවික්‍රම පන්දු 127කදී හතරේ පහර 17ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 141ක්ද, දිමුත් කරණාරත්න පන්දු 117කදී හතරේ පහර 14ක් සමඟින් ලකුණු 125ක්ද ලබාගත් අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ නිෂාන් පීරිස් ලකුණු 36කට කඩුලු 5ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ කොදු නාරටිය බිඳ දැමීය.

ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම (පන්දුවාර 50කදී කඩුලු 3කට) 376 (සධීර සමරවික්‍රම 141, දිමුත් කරුණාරත්න 125, දිනේෂ් චන්දිමාල් නොදැවී 58)
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම (පන්දුවාර 33.1කදී සියලු දෙනා දැවී) 161 (නිෂාන් පීරිස් 5/36)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon