තලවාකැලේ - ලිඳුල උප සභාපති අත්අඩංගුවට

  👤  2747 readers have read this article !
By mawbima 2018-08-10

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

තලවාකැලේ - ලිඳුල නගර සභාවේ උප සභාපති ලෙච්චමන් භාරතිදාසන් මහතා තලවාකැලේ පොලිසිය විසින් විවෘත වරෙන්තුවක් මත ඊයේ (09දා) අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් "පූල්බෑන්"හි තොණ්ඩමාන් අනුස්මරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම ඉවත් කිරීමට වතුකරයේ වෙනත් දේශපාලන කණ්ඩායමක් කටයුතු කිරීමක් සම්බන්ධව විරෝධය පා හැටන් නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට එරෙහිව පොලිසිය විසින් ගොනුකර තිබූ නඩුවකට 2018.05.10 වැනි දින අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා මෙම විවෘත වරෙන්තුව නිකුත් කර තිබී ඇත. අත්අඩංගුවට ගත් උප සභාපතිවරයා ඊයේ (09දා) නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon