කොරියානු රෙදිපිළි ආනයනය පිළිබඳ පළවූ පුවත් වාර්තා බොරු

  👤  2810 readers have read this article !
By mawbima 2018-08-10

පහන් විජේසේකර

පසුගිය වසරේ ඔක්තෝබර් සිට මේ වසරේ මාර්තු දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිට කෙරුණු රෙදිපිළි ආනයනය පිළිබඳ පළවී ඇති පුවත් වාර්තා සාවද්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එකී පුවත් වාර්තාවල අඩංගු වී ඇති තොරතුරු සාවද්‍ය බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් අනුව කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මතවල ප්‍රතිපාදනවලට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව එම නිවේදනය මඟින් පෙන්වා දෙයි. අදාළ යෝජනා සම්මතවලට පටහැනිව ශ්‍රී ලංකාව කටයුතු කර නොමැති බවත් එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර නොමැති අතර රේගුවේ ස්වයංක්‍රිය දත්ත ක්‍රියායන පද්ධතියට රේගු කාර්යාල නියෝජිතයන් විසින් දත්ත ඇතුළත් කරන ක්‍රියාවලියේ වැරැදීමක් සිදුව ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.

එම අත්වැරැදීම පිළිබඳ ආරක්ෂක මණ්ඩල විශේෂඥ කණ්ඩායමට කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව යළි එවැනි වැරැදි සිදුවීම වැළැක්වීම සඳහා වූ යාන්ත්‍රණක් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon