මත්තල දුන්නොත් ආරක්‍ෂාවට තර්ජනයක්

  👤  2590 readers have read this article !
By mawbima 2018-07-22

අනුරාධා හේරත්

රටක ගුවන්තොටුපොළක් විදේශීය සමාගමකට පැවැරීම එරට ආරක්ෂාවට විශාල තර්ජනයක් බැවින් මත්තල ගුවන්තොටුපොළ බදු දීම වහාම නැවැත්විය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජවිපෙ නායකයා 'ඉරිදා මව්බිම'ට පැවැසුවේ මත්තල ගුවන්තොටුපොළ විකිණීම ලාභද _ පාඩුද යන්න තක්සේරු නොකොට රටේ ආරක්ෂාව හා ස්වෛරීභාවය ගැන සලකා බලා තක්සේරු කිරීම පාලකයන්ගේ වගකීම බවයි.

ලෝකයේ විවිධ රාජ්‍යයන් අතර විවිධ ප්‍රතිවිරෝධතාවන් හා ගැටුම් පවතින බවත් අප එවැනි ගැටුම්වල ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් නොවිය යුතු බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ඔහු පැවැසුවේ රටේ ගුවන්තොටුපොළක් විදේශ රටකට පැවැරීම හරහා අප එවැනි ගැටුම්කාරී තත්ත්වයන්ට මැදිවීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩි වන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon