සැප්:2වැනිදා දයාසිරිට තීරණාත්මකයි

  👤  2794 readers have read this article !
By mawbima 2018-07-22

සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේදී පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පත් කර ගැනීමට යන බව වාර්තා වේ.

දැනට පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස සිටින මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කරගනු ලැබුවේ තාවකාලිකවය. ඒ දින 45ක් ඇතුළත පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ වැඩසටහන යටතේය.

නීතිඥයකු වන දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකි. 1994දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ශ්‍රී ලනිපයට එක් වූ ඔහු 1997දී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්ව 'සැරසෙමු ලංකා' වැඩසටහනට නායකත්වය දෙමින් ශ්‍රී ලනිපයට ලක්ෂ 20ක සාමාජිකත්වයක් බඳවා ගැනීමේ කටයුත්තකට උර දුන්නෙකි.

ඉකුත් සතියේ කුරුණෑගල විද්‍යාලෝක ශාලාවේ පැවැති කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සාකච්ඡාවකට සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කීවේ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව ජයසේකර මහතා පක්ෂයේ මහ ලේකම් ලෙස පත්කිරීමට තීරණය කළහොත් එයට විරෝධයක් නැති බවත් ඔහුට එම තනතුර දැරීමට දක්ෂතාවක් තිබෙන අතර ඔහු ගැන අපේ විශ්වාසයක් තිබෙන බවත්ය. මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ ප්‍රකාශ කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon