එජාප පසු පෙළින් මහින්දට ලියුමක්

  👤  2593 readers have read this article !
By mawbima 2018-07-22

රුචිර දිලාන් මධුසංඛ

'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතෙහි පළ වූ වාර්තාව පිළිබඳව සිය මතය පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් එජා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

අදාළ සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ පැවැති කල් තැබීමේ විවාදයට හිටපු ජනාධිපතිවරයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවකු සහභාගි නොවීම නිසා ඔවුන් මෙම ඉල්ලීම කිරීමට තීරණය කළ බව තුෂාර ඉඳුනිල් මන්ත්‍රිවරයා 'මව්බිම'ට පැවැසීය.

ඊට අදාළ ලිපිය මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටි නිල නිවෙසට මේ සතියේ භාරදීමට කටයුතු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon