කුලියාපිටියේ පාසල් මුරකරු පොලිස් භාරයේ

  👤  3048 readers have read this article !
By mawbima 2018-07-20

ගිරිඋල්ල - ඔවින් කෞශල්‍ය

කුලියාපිටිය ජනප්‍රිය පාසලක හෙරොයින් අලෙවි කළ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මුරකරු අද (20දා) දක්වා කුලියාපිටිය පොලිස් ස්ථානයේ රඳවා තබාගැනීමට කුලියාපිටිය පොලිසිය කළ ඉල්ලීමකට ඊයේ (19දා) කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අවසර ලබා දුන්නේය. එසේ අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ කුලියාපිටිය ප්‍රධාන පෙළේ පාසලක ස්ථිර සේවයේ නියුතුව සිටි ගල්පොල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ නිරංජන් දීපාල් ද සිල්වා නමැති ආරක්‍ෂක නිලධාරියකු සම්බන්ධයෙනි.

කුලියාපිටිය කොට්ඨාස විස මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලද තොරතුරකට අනුව සැකකරු පෙරේදා පාසල පැවැත්වෙමින් තිබියදී පොලිසිය මඟින් යොදවා තිබූ උපාය දූතයාට හෙරොයින් අලෙවි කරන අතරතුර හෙරොයින් ග්‍රෑම් 2ක් හා මිලිග්‍රෑම් හයසියයක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කුලියාපිටිය පොලිසියේ සැරයන් ධර්මසිරි (29269), පුෂ්පකුමාර (50793) යන මහත්වරු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අදාළ රැඳවුම් නියෝගය ඉල්ලා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon