මුලතිව් ළිඳකින් ‘පාසිලන්-2000’ දෙකක් මතුවෙයි

  👤  3076 readers have read this article !
By mawbima 2018-07-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

එල්ටීටීඊ සංවිධානය විසින්ම නිෂ්පාදනය කොට 'පාසිලන් _ 2000' වශයෙන් නම් කරන ලද මෝටාර් උණ්ඩ දෙකක් ඇතුළු යුද උපකරණ රැසක් පෙරේදා (18දා) සවස මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක තිබී නාවික හමුදාව හා පොලිසිය විසින් ගොඩ ගෙන තිබේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිසිය මේ යුද උපකරණ පිළිබඳව දැනුවත් කොට ලබාගත් අධිකරණ නියෝගයක් මත ළිඳ තුළ කැණීම් කටයුතු සිදු කරද්දී මෙම මෝටාර් හමු වී ඇත.

පාසිලාන් වර්ගයේ මෝටාර් දෙකක් ඇතුළු යුද උපකරණ සොයාගන්නා විට රෑ බෝවීම නිසා එම ළිඳෙහි කැණීම් කටයුතු ඊයේ (19දා) උදෑසන යළි ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබූ අතර එම ළිඳ හා අවට ප්‍රදේශයට පොලිසිය හා නාවික හමුදාව දැඩි ආරක්ෂාව යොදා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon