විජයකලාගේ රැස්වීමට ගිය මාධ්‍යවේදීන්ගෙන් ත්‍රස්ත මර්දන ඒකකය කටඋත්තර ගනී

  👤  2882 readers have read this article !
By mawbima 2018-07-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

විජයකලා මහේෂ්වරන් හිටපු අමාත්‍යවරිය යාපනයේ වීරසිංහම් ශාලාවේදී ප්‍රභාකරන්ව අගය කරමින් කතා කළ අවස්ථාවේදී එම රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය කටඋත්තර ලබා ගැනීම ආරම්භ කොට තිබේ.

මේ රැස්වීම වාර්තා කිරීම සඳහා යාපනයේ මාධ්‍යවේදීන්ට අමතරව කිලිනොච්චිය හා මුලතිව් පළාත්වල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද ගොස් සිටි අතර පොලිස් ත්‍රස්ත මර්දන ඒකක පෙරේදා (18දා) මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන්ද ප්‍රශ්න කොට තිබේ.

මේ රැස්වීමට ගොස් සිටි විවිධ රූපවාහිනි මාධ්‍යවල සේවය කරන ප්‍රාදේශීයමාධ්‍යවේදීන් සතුව තිබූ වීඩියෝපටද පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් ඉල්ලා ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon