අපේ ජනතාව ප්‍රශ්නවලින් මිරිකෙද්දී ආණ්ඩුව 2020 ගැන සිහින මවනවා

  👤  2996 readers have read this article !
By mawbima 2018-07-20

යහපාලන ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිට 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පුවත් මැවීම ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත බේරුගොඩ පැවැසීය.

බලයට පත්වී අවුරුදු 3 1/2කට පසුව ආණ්ඩුව ජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබෙන නමුත් ඒ සියල්ල සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා පමණක් සිදුකරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (19දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙසේද කීය.

රාජ්‍ය නිලධාරීන් ගස් බැන්ද මර්වින් සිල්වා වැනි පුද්ගලයන් 2020 ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ගැන මාධ්‍යවලට ඇවිල්ලා කතා කරනවා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 5000ක් වත් ගන්න බැරි වුණ සරත් ෆොන්සේකා වගේ ඇමැතිවරු 2020 ජනාධිපති අපේක්ෂකයා ගැන නන් ‍ෙදාඩවනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව මඩ ගහනවා.

එක් පැත්තකින් අවුරුදු 3 1/2කට පසුව ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපි සතුටු වෙනවා ගමේ මිනිසුන්ට දැනෙන්න යමක් සිදු කරනවා නම් ඔවුන්ට ප්‍රතිලාභ අත්වෙන විදිහට. රටේ ජනතාවට විවිධ පොරොන්දු දීලා තමයි ආණ්ඩුව බලයට ආවේ.
මත්තල ගුවන්තොටුපොළ විකුණන්න හදනවා. වරාය, ගුවන්තොටුපොළ කියන්නේ දූපත් රාජ්‍යයකට අත්‍යවශ්‍යම සම්පත්. රටේ සියලුම සම්පත් විකුණා දමන මේ ආණ්ඩුවට දෙවියන්ගෙම පිහිටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත
මේ ආණ්ඩුවේ උදවිය චෝදනා කරනවා අපේ හිටපු ආණ්ඩුවේ නායකයන් ගෙන ගියේ ඒකාධිපති පාලනයක් කියලා. හැබැයි අද ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියලා ආව ආණ්ඩුව මැතිවරණ කල් දමනවා. රාජ්‍ය දේපළ ටික විකුණගෙන කනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ
සරත් ෆොන්සේකා ඇමැතිවරයා මාධ්‍යවලට කරන තර්ජනය දිහා බලන්න. ඔහුම පිළිගන්නවා කැලණිය ප්‍රදේශයේ යම් යම් අය ඔහු සමඟ සංචාරයේ නිරත වුණ බව. ඒ සංචාරවල යෙදුණ පුද්ගලයෝ කවුද කියලා මට අදාළ නැහැ කියලත් ඔහු කියනවා. කැලණිය ප්‍රදේශයේ පසුගිය දිනවල මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයෙක්ව ඉඊජ් එකෙන් අත්අඩංගුවට ගත් විට කැලණිය ප්‍රදේශයේ කැබිනට් ඇමැතිවරයෙක් ඔහුව නිදහස් කරන්න කියලා තියෙනවා. මාධ්‍යයෙන් මේවා අනාවරණය වන තරමට තමයි මත්ද්‍රව්‍ය සහ පාතාලය නවත්වගන්න පුළුවන්.

එක්නැලිගොඩ, කීත් නොයාර්, ලසන්ත වික්‍රමතුංග යන පුද්ගලයන්ගේ සිදුවීම් සමඟ සරත් ෆොන්සේකා මහතාගේ නම කියැවෙනවා. එහෙම පුද්ගලයෙක් නැවත වතාවක් යහපාලනය තුළ සිට මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා.

ඉෂාරා සිල්වා

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon