මේ වනවිට රට තුළට රසායනික හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගෙන්වන්නේ නැහැ

  👤  2901 readers have read this article !
By mawbima 2018-07-20

නුවන් හෙට්ටිආරච්චි

මේ වනවිට රට තුළට කිසිදු රසායනික හෝ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් ආනයනය නොකරන බවත් චීනය හා හොංකොං යන රටවලට ශ්‍රී ලංකාවෙන් ඉලෙක්ට්‍රොනික හා රසායනික අපද්‍රව්‍ය අපනයනය කරන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික ද්‍රව්‍ය හා උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජී. අජිත් විජේසුන්දර මහතා පවසයි.

බාසල් ගිවිසුම අනුව රටකින් ඉවත් කරනු ලබන රසායනික ද්‍රව්‍ය හා රසායනික අපද්‍රව්‍ය එම රටවල් කැමැති නම් ආනයනය හා අපනයනය කරගත හැකි බවත් ඊට රටවල් 160ක් පමණ සාමාජිකයන් ඒකාබද්ධ වී ඇති බවත් සඳහන් කරන ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඒ සඳහා කිසිදු ලෙසකින්වත් මේ වනවිට ඉඩ තබා නොමැති බවයි.

කර්මාන්ත ශාලාවලින් ඉවතලන රසායනික ද්‍රව්‍යයන්ට අමතරව පාවිච්චි කරන ලද පරිගණක දුරකථන, වොෂින් මැෂින් ආදිය මේ හරහා විවිධ රටවල හුවමාරු වුවද ලංකාවට එවැනි බලපෑමක් නොමැති බවත් අස්සන් කළ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා ඉදිරියේදී ඊට කුමන ආකාරයේ සහභාගිත්වයක් දක්වනවාද යන්න තමා නොදන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon