සහනාධාර ලෙස ජපානයට තේ කිලෝ 2,000ක්

  👤  2981 readers have read this article !
By mawbima 2018-07-20

නුවන් හෙට්ටිආරච්චි

ජපානයේ බස්නාහිර ප්‍රදේශයට පසුගියදා බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට තේ කිලෝග්‍රෑම් 2000ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ජපන් සෞඛ්‍ය හා කම්කරු අමාත්‍ය කට්සුනොබු කතෝට පොරොන්දු වෙයි.

සිවු දින සංචාරයක් සඳහා ඉකුත්දා (15දා) ජපානය බලා පිටත්ව ගිය අමාත්‍යවරයා එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම්දී ඇත.

ජපන් සෞඛ්‍ය හා කම්කරු අමාත්‍ය කට්සුනොබු කතෝ (ම්ඒඊඉඋව්ර්ණීඕඋ ම්ඒඊර්ණී) මහතා වෙත බලපෑ ගංවතුර තත්ත්වය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉතිහාසයේ සිට දෙරට අතර තිබූ මිත්‍රත්වය සහ දශක ගණනාවක් තිස්සේ තේ අපනයනය පිළිබඳ ජපන් පාරිභෝගිකයන්ගේ විශ්වාස දිනා ගැනීම පිළිබඳවද මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon