පියුමන්ත රන් පදක්කම් තුනක් දිනාගනී

  👤  3072 readers have read this article !
By mawbima 2018-07-20

14 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රන් පදක්කම් තුනක් හා එක් රිදී පදක්කමක් සමඟ පදක්කම් 4ක් හිමි කරගන්නට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසිත් නිපුන් පියුමන්ත සමත් වී ඇත.

ආසියානු පාසල් චෙස් තරගාවලියේ අවසාන වයස් කාණ්ඩය වන වයස 17න් පහළ තරග ඉසව්ව නියෝජනය කළ සසිත් එම තරගාවලියේ වේගී කාණ්ඩයේ රන් පදක්කමත්, එම කාණ්ඩයේම කණ්ඩායම් රන් පදක්කමත්, ක්ලැසිකල් කාණ්ඩයේ රිදී පදක්කමත් හා එම කාණ්ඩයේ කණ්ඩායම් රන් පදක්කමත් දිනාගෙන තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු පාසල් චෙස් ක්‍රීඩා ෆිඩේ මාස්ටර් වන ඔහු මේ වන විට හිමි කරගෙන ඇති ආසියානු පදක්කම් සංඛ්‍යාව 16කි. රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 6ක් ඊට ඇතුළත්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon