එක් පිලකට හය දෙනාගේ ක්‍රිකට් තරගාවලියක් බී.ආර්.සී.හිදී

  👤  2976 readers have read this article !
By mawbima 2018-07-20

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මනස හා නිපුණතාව සංවර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වින්ටේජ් ක්‍රිකට් කවය (ඍඪදබචඨඥ ඛ්පඪජඬඥබඥප'ඵ ජඪපජතඥ) හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පළමු පෙළ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලබන එක් පිලකට 6 දෙනා බැගින් ක්‍රීඩා කරන ක්‍රිකට් තරගාවලියක් 22දා (ඉරිදා) බී.ආර්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නවලෝක සමූහ ව්‍යාපාරය, එච්.එන්.බී., එන්.ඩී.බී. යන වාණිජ බැංකු මෙන්ම සිංගර් ශ්‍රී ලංකා ආයතනය මූලික අනුග්‍රාහකයන් ලෙස ඉදිරිපත්ව ඇති අතර, තරගාවලිය එදින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

ක්‍රීඩාවේ ආචාරධර්ම පිළිබඳව පාසල් ක්‍රිකට් නායකයන්, උප නායකයන්, ක්‍රීඩාභාර ආචාර්යවරුන් හා පුහුණුකරුවන් සඳහා පසුගිය වසරේදී වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් පිටියේදී පැවැති අධ්‍යාපන වැඩමුළුව 'වින්ටේජ් ක්‍රිකට් කවය' සංවිධානය කරනු ලැබූ පළමු වැඩසටහන බවට පත්වූ අතර, රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන, මහේල ජයවර්ධන හා නෙල්සන් මෙන්ඩිස් යන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දායකත්වයද එම වැඩසටහන සඳහා ලබා දී තිබිණි.

මෙම වින්ටේජ් ක්‍රිකට් කවයේ සභාපති ලෙස ක්‍රිෂාන්ත ඔබේසේකර මහතාත්, ලේකම්වරයා ලෙස මනෝජ් මෙන්ඩිස් මහතාත්, භාණ්ඩාගාරික ලෙස නිලාන් ද සිල්වා මහතාත්, කටයුතු කරන අතර, රොෂාන් මහානාම, ගේ‍රහැම් ලැබ්රෝයි, ගාමිණී වික්‍රමසිංහ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා චමින්ද වාස් අනුශාසකවරු ලෙස කටයුතු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon