නීතිඥයන් හා අධිකරණය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයන් කළ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දුගේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

  👤  540 readers have read this article !
By mawbima 2018-07-19

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

නීතිඥයන් සම්බන්ධයෙන් හා අධිකරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ මතභේදාත්මක ප්‍රකාශ සිදු කළ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට හලාවත නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කර ඇත.

හලාවත නීතිඥ සංගමය ඊයේ (18දා) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මේ තීරණය ගත් බව හලාවත නීතිඥ සංගමයේ ප්‍රකාශකයකු පැවැසීය.

මේ සමඟ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මිය හලාවත නීතිඥ සංගමය හා අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජේ‍යෂ්ඨ නීතිඥවරු පස්දෙනකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කර ඇත.

මේ පරීක්ෂණ වාර්තාව හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තීරණය ලැබෙන තුරු නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මිය නීති වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හා අවමන් සහගත ලෙස දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් හලාවත නීතිඥ සංගමය දැඩි අපහසුතාවකට පත්වීම සැලකිල්ලට ගනිමින් මේ තීරණයට එළැඹ ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon