ඉරිදා 'මව්බිම' පුවත ගැන බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

  👤  566 readers have read this article !
By mawbima 2018-07-19

බෞද්ධ කටයුතු කොමසාරිස්ට මාරුවක් යන හිසින් ඉකුත් 15 වැනි ඉරිදා 'මව්බිම' ඉරිදා සංග්‍රහයේ පළවූ පුවත සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර මහතා පහත සඳහන් කරුණු පැහැදිලි කිරීම අප වෙත එවා ඇත.

මෙම පුවත්පත් වාර්තාවට අනුව වර්තමානයේ එම ධුරය දරන මා වෙත නිතර නිතර භික්ෂුන් වහන්සේගෙන් පැමිණිලි ලැබෙන බව අමාත්‍යාංශයට වාර්තා වී ඇතැයි සඳහන් වීමෙන් පෞද්ගලිකව මටත් මා දරන තනතුරටත් විශාල හානියක් සිදුවේ. එසේම මා විසින් ගොඩනඟා ගන්නා ලද මෙන්ම හැදූ වැඩූ මවුපියන් හා ශික්ෂණය ලබා දුන් ගුරුවරුන් විසින් දායාද කළ උතුම් චරිතවත් බවටත් විශාල කැළලක් යැයි මම සිතමි.

මා සම්බන්ධව නිතර නිතර ලැබෙන පැමිණිලි මොනවාද, කුමන කරුණු සම්බන්ධයෙන්ද කොපමණ ප්‍රමාණයක්ද කවර ස්වාමීන් වහන්සේගෙන්ද යන්න ගැන මේ දක්වා කිසිදු දැනුම් දීමක් හෝ පරීක්ෂණයක් සිදු නොකර මෙසේ පුවත්පත් වාර්තා පළ වීම කනගාටුවට කරුණකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon