පොලිස් මලල ක්‍රීඩා උළෙල හෙට සිට 22 වැනිදා දක්වා

  👤  757 readers have read this article !
By mawbima 2018-07-19

81 වැනි පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල හෙට (20දා) සිට ලබන 22 වැනිදා දක්වා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙලෙහි සමාරම්භය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ආරම්භක දින පෙරවරු 6.15ට කාන්තා සහ පිරිමි මැරතන් තරගයෙන් මෙහි සමාරම්භය සනිටුහන් කිරීමෙන් අනතුරුව අනෙකුත් තරග ඉසව් දින 3ක් පුරා පැවැත්වේ. මෙම පොලිස් මලල ක්‍රීඩා උළෙල සඳහා පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon