පාතාල මධුෂ්ගේ ගෝලයකු වූ "ජොසා" තවත් 3ක් සමඟ අත්අඩංගුවට

  👤  899 readers have read this article !
By mawbima 2018-07-19

කොළඹ - එම්.සී. පෙරේරා, මතුගම - වසන්ත කුමාර

ඩුබායි රටට පලාගොස් සිටින පාතාල නායක කඹුරුපිටියේ මධූෂ් නමැත්තාගේ සමීපතම ගෝලයකු වන ජෝශප් කුමාර හෙවත් "ජොසා" (38) නමැත්තා තවත් පාතාල සාමාජිකයන් තිදෙනකු සමඟ ඊයේ (18දා) වැලිපැන්න සිහිලැල්පැන්න ප්‍රදේශයේ නිවෙසක දී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.

එම පාතාල සාමාජිකයන් සමඟ බ්‍රවුනින් වර්ගයේ ගිනි අවියක් ද එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ දහයක් ද මැගසිනයක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ඝාතනයට ලක් වූ පාතාල නායක සමයං නමැත්තාගේ බිරිය යැයි සිතා මීට වසරකට පමණ ඉහත දී වෙනත් කාන්තාවකට වෙඩි තැබුවේ මෙම ජොසා නමැත්තා බව පොලිසිය කියයි.

කාලයක් කොස්ගොඩ පොඩි සුජීගේ කල්ලිය් සාමාජිකයකු වී සිට පසුව මධූෂ් සමඟ සබඳතා පැවැත් වූ බව පොලිසිය කියයි.

මිනී මැරුම්, කොල්ලකෑම් නවයකට ආසන්න ප්‍රමාණයක් මෙම පාතාල සාමාජික "ජොසා" විසින් සිදුකර ඇති බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් නඩු පවරන බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වැලිපැන්නේ සිහිලැල්පැන්නේ නිවෙසට කොස්ගොඩ පොඩි සුදුවාගේ පාර්ශ්වයෙන් සිදුකළ වෙඩි තැබීමේදී ජොසා නමැත්තාගේ දියණිය බරපතළ තුවාල ලැබුවාය.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජික ජොසා නමැත්තා හා අනෙක් සාමාජිකයන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon