නිවැරැදි කිරීමක්

  👤  719 readers have read this article !
By mawbima 2018-07-19

කමල් මහේන්ද්‍ර වීරරත්න

2018 ජූලි මස 17 වැනි දින අප පුවත්පතේ 15 වැනි පිටුවේ පළවූ "සේවය කරන ආයතනය විනාශ වන අයුරින් ඉල්ලීම් සඳහා පමණක්ම සටන් වැදීම අවාසනාවන්ත තත්ත්වයක්" සේවක අයිතිවාසිකම් නඩුවක් නිෂ්්ප්‍රභ කරමින් අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියදර්ශනී හේරත් කියයි යන හිසින් වූ පුවතෙහි එතුමිය එලෙස ප්‍රකාශ කළ බවට සඳහන් කිරීම අප අතින් සිදුවූ ප්‍රමාද දෝෂයක් බැවින් ඒ පිළිබඳව අපගේ බලවත් කනගාටුව පළ කරන්නෙමු.

එකී පැමිණිලි විභාගයේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කරන ලදැයි ප්‍රකාශිත කරුණු ඇසුරින් සාරාංශ කොටගත් කොටසක් විනිසුරුතුමියගේ ප්‍රකාශයක් වශයෙන් සඳහන් කිරීම ගැන තවදුරටත් කනගාටුව පළකරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon