විපක්ෂ නායක ධුරය ඒකාබද්ධයට ලබාදෙන තීරණය ලබන පාර්ලිමේන්තු සතියේදී - විමල් වීරවංශ

  👤  742 readers have read this article !
By mawbima 2018-07-19

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 70 දෙනකු සිටින නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට කථානායකතුමාගේ තීරණය ලබන පාර්ලිමේන්තු සතියේදී දන්වා සිටින බව දැනුම්දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ තිබෙන තත්ත්වයට අදාළ පිළිගැනීම ලබාදෙන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඊයේ (18දා) කථානායක කරු ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරවංශ මන්ත්‍රිවරයා 'මව්බිම'ට සඳහන් කළේය.

ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක විපක්ෂයේ වැඩිම පිරිසක් සිටින කණ්ඩායමට විපක්ෂ නායක ධුරය හිමිවී තිබෙන බවත් ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු සාධාරණය ලබාදෙන ලෙසට කථානායක තුමාගෙන් ඉල්ලා සිටි බවත් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මෙම ඉල්ලීමට පසුබිම් වී තිබෙන ප්‍රායෝගික තත්ත්වය ගැන තමාට වැටහීමක් තිබෙන බවත්, මෙම ඉල්ලීම ලිඛිතව ලබාදෙන ලෙසට කථානායකතුමා ඉල්ලා සිටින බවත්, ඒ අනුව ලිඛිතව මෙම ඉල්ලීම මෙම සතිය ඇතුළත කථානායකතුමාට භාරදීමට ඒකාබද්ධ
විපක්ෂය ක්‍රියාකරන බවත්, විමල් වීරවංශ මහතා කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයට හිමි නිසි පිළිගැනීම, ලබන පාර්ලිමේන්තු සතියේදී කථානායකතුමා නොපිළිගතහොත් එම පිළිගැනීම ලැබෙනතුරු අරගල කරන බව කථානායකතුමාට මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස ප්‍රකාශ කළ බවද වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon