සතොස භාණ්ඩ අලෙවිය පසුගිය මාස හය තුළ 23%කින් ඉහළ ගිහින්

  👤  802 readers have read this article !
By mawbima 2018-07-19

අනුරාධා හේරත්

ලංකා සතොස භාණ්ඩ අලෙවිය පසුගිය මාස හය තුළ 23%කින් ඉහළ ගොස් තිබේ.
සතොස ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය එස්.එම්. එම්. ෆරාස් මහතා පැවැසුවේ පාඩු ලබන දූෂිත ආයතනයක් ලෙස හංවඩු ගසා තිබූ සතොස පසුගිය කාලය තුළ ඇති වූ ශීඝ්‍ර වර්ධනය තුළින් පෙන්නුම් කරන්නේ සතොස කෙරෙහි ජනතාව තුළ විශාල විශ්වාසයක් ගොඩනැඟී ඇති බවයි.

පාලන මිලකින් තොරව භාණ්ඩ අලෙවි කරන ආයතන අතුරින් තීරක මිලක් සහිතව භාණ්ඩ අලෙවි කරන්නේ සතොස පමණක් බවත්, විවිධ අවලාද අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකර පක්ෂ පාට භේදයකින් තොරව සතොස රැකගැනීමේ වගකීම සියලු දෙනාටම පැවැරී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔහු පැවැසුවේ 2018 හොඳම සිල්ලර අලෙවි ජාලය ලෙස ස්ලීම් නීල්සන් මහජන සම්මානයට තම ආයතනය පත්වන්නේද ජනතාව සතොස කෙරේ ඇති කර තිබූ විශ්වාසය හේතුවෙන් බවයි.

හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ පසුගිය කාලය තුළ සතොස සහල් මලු තුළ මත්කුඩු ප්‍රවාහනය කළ බවට මාධ්‍ය හරහා පළ වූ තොරතුරු සාවද්‍ය බැවින් එසේ සතොස ආයතනයේ ඉතිරිව තිබූ මලුවල කුඩු ප්‍රවාහනය කළ පළියට එය සතොසට ලඝු කිරීමටද සාධාරණ නොවන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon