මරණ දඬුවම හිමිවූවන්ගේ නාම ලේඛනය මාධ්‍යයට හෙළිවීම ගැන විමර්ශනයක් කරන්න

  👤  975 readers have read this article !
By mawbima 2018-07-19

කුමුදු උපුල් ශාන්ත

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් අධිකරණ අමාත්‍යාංශය වෙත පසුගියදා යොමු කර තිබූ මරණීය දණ්ඩනයට සුදුසුකම් තිබූ පුද්ගලයන්ගේ නාම ලේඛනය මාධ්‍යයට හෙළිදරව් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් දෙන ලෙස අධිකරණ අමාත්‍යාංශය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඊයේ (18දා) උපදෙස් දී තිබේ.

එක්තරා වෙබ් අඩවියක් ඔස්සේ ඊයේ එම නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කර තිබීම එම වාර්තාව ඉල්ලීමට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එකී නාම ලේඛනය මාධ්‍ය වෙත දීමට තම දෙපාර්තමේන්තුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් කෙසේ නමුත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් කර ඊට අදාළ වාර්තාව අධිකරණ අමාත්‍යාංශය වෙත යැවීමට පියවර ගන්නා බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon