පාර්ලිමේන්තුවටත් කොමිසමටත් ඡන්දය කල්දාන්න බලයක් නෑ

  👤  3059 readers have read this article !
By mawbima 2018-07-19

දයා පෙරේරා, ජේ.ටී.ද සිල්වා

"පළාත් සභා ඡන්දය කල් දැමීමට ජනමත විචාරණයක් පවත්වා අනුමැතිය ලබාගත යුතු බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබියදී, ඡන්දය නොපවත්වා සිටීමට පාර්ලිමේන්තුවට හෝ මැතිවරණ කොමිසමට තිබෙන බලය කුමක්දැයි" ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

"පළාත් සභා ඡන්ද විමසීම කල් තැබීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් යෝජනා සම්මත කර, ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා"
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ - "ශේ‍ර්ෂ්ඨාධිකරණය පළාත් සභා ඡන්දය කල් දාන්න එපා කියලා තීන්දුවක් දීලා තියෙනවා. ජනතාවගේ අයිතීන් සමඟ ෆුට්බෝල් ගහන්න සූදානම් වෙන්න එපා"

දිනේෂ් ගුණවර්ධන _ "පළාත් සභා ඡන්දය කල් දැමීමෙන් ජනතාවගේ පරමාධිපත්‍ය නැතිවී යනවා. මේක බරපතළ තත්ත්වයක්"
කථානායක _ "මට ඡන්ද කල්දාන්න ඕනෑ නෑ"
සභා නායක _ "කථානායකතුමනි! මේගොල්ලන්ට අතීතය අමතක වෙලා. පසුගිය ආණ්ඩුව ශේ‍ර්ෂ්ඨාධිකරණය දීපු නඩු තීන්දු ගණනාවක් පාර්ලිමේන්තුවේ බලතලවලට අනුව කථානායකවරයා ක්‍රියාත්මක කළේ නැහැ"

"හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් ඉවත් කිරීම අත්හිටුවා ලබාදුන් ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා පැය විසි හතරක් ඇතුළත ඇය ඉවත් කළා. මේගොල්ලො ඒ අතීතය අමතක කරලයි දැන් කතා කරන්නේ"

දිනේෂ් ගුණවර්ධන _ "මම කියන්නෙ කිසිම පක්ෂයක් ඡන්දය කල් දමන්න කියන්නේ නැහැ. මේ ඡන්දය කල් දැමීම ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීමක්"

කථානායක _ "කිසිම පක්ෂයක නායකයකු මට කියලා නෑ ඡන්දය කල් දාන්න කියලා. අපි සිකුරාදා මේ ගැන සාකච්ඡා කරනවා. මටත් ඕනෑ ඡන්දය පවත්වන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon