මහින්දගේ නමින් කූට ලියැවිල්ලක් ප්‍රචාරය කරලා

  👤  3338 readers have read this article !
By mawbima 2018-07-19

ඉෂාරා සිල්වා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් සිදු නොකර ප්‍රසිද්ධ ස්ථානයකදී තමන් පෞද්ගලිකවම ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පෙරේදා (17දා) කිසියම් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙසට සකස් කළ කූට ලියැවිල්ලක් සමාජ ජාලවලට මුදා හරිමින් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතාව නිල වශයෙන් නම් කර ඇති බව ප්‍රචාරය කර තිබෙන බවද ලේකම්වරයා මෙම නිවේදනයේ සඳහන් කර ඇත.

ඊළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු මහින්ද රාජපක්ෂ මහතා විසින් තවමත් නම් කර නොමැති බවද නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සංචාරයක් සඳහා රටින් බැහැරව යන තුරු බලා සිට මෙම කූට ලියවිල්ල මුදා හැර තිබෙන බව පැහැදිලි වන බවත් එම නිවේදනයේ දැක්වේ.

එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ කූට ලේඛනයේ සිරස්තලය 2020 - ජනාධිපතිවරණය යනුවෙන් සඳහන් වුවද 2020 දී රටේ ජනාධිපතිවරණයක් නොමැති අතර මීළඟ ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 9දාට පෙර පැවැත්විය යුතු බවත් මේ බව මුලින්ම ජනතාවට දැනුම් දී සිටියේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් ඒ මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon