කසිප්පුවලට නඩු දාන බලය පොලිසිය අතට ගන්නවා

  👤  3145 readers have read this article !
By mawbima 2018-07-19

චාමර අමරසූරිය

නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීමේ බලය පොලිසියට පැවරීම සඳහා සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා 'මව්බිම'ට පැවැසීය.

මේ ආකාර නඩු පැවැරීමකට බලයක් සුරාබදු ආඥා පනතට අනුව පොලිසියට නොමැති බව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය එම බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බවට 'මව්බිම' ඊයේ (18දා) ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දුන් පුවත සම්බන්ධයෙන් අදහස් දැනගැනීම සඳහා කළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පොලිසිය දීර්ඝ කාලයක සිට මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකර එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට නඩු පවරා ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.
එම නිසා සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon