උෟව මහ ඇමැති චාමර 'මන්ත්‍රි වාහන පර්මිට්' එකත් ඉල්ලයි

  👤  3263 readers have read this article !
By mawbima 2018-07-19

රුචිර දිලාන් මධුසංඛ

උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස තේරී පත් වී මාසයක පමණ කාලයක් සිටි බැවින් තමාටද එම වරප්‍රසාදය හිමි බව පවසමින් මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
දැනට පළාත් සභා මහ ඇමැතිවරයකුට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය චාමර සම්පත් දසනායක විසින් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් තමන් විසින් කර ඇති ඉල්ලීම ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති බවට තමන්ට දැනුම් දී ඇති බව 'මව්බිම' කළ විමසුමකදී චාමර සම්පත් දසනායක කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සඳහා ඇමෙරිකානු ඩොලර් 62,500ක් වටිනා වාහනයක් ගෙන්වීම සඳහා අවශ්‍ය බලපත්‍රයක් ලැබෙන අතර එම වටිනාකමට බලපත්‍රයක් පළාත් සභාවේ මහ ඇමැතිවරයකුටද හිමිවේ.

කෙසේ වෙතත් මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කළද මෙවැනි පසුබිමක් තුළ හිමිවන්නේ එක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් පමණක් බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. චාමර සම්පත් දසනායක 8 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්වූ අතර උෟව මහ ඇමැති ධුරය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් නොදී ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව සඳහා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි ලක්ෂ්මන් සෙනවිරත්න පත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon