මහවිලච්චියේ තරුණයෝ් 5ක් අලුගෝසුකම ඉල්ලතිි

  👤  3266 readers have read this article !
By mawbima 2018-07-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

මහවිලච්චිය ගොවි ජනපදයේ දරුවන් හෙරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍යවලට බිලිවෙමින් සිටින නිසා එවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් සඳහා රජය ක්‍රියාත්මක කරන මරණ දඬුවම ලබාදීම සඳහා අලුගෝසු තනතුරට ස්වේච්ඡාවෙන් රාජකාරි කිරීමට මහවිලච්චිය ගම්මානයේ තරුණයන් පස් දෙනකු කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන මහවිලච්චිය, යාය හය, මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන රුවන් හේමන්ත, හේරත් බණ්ඩා, සනී රත්න බණ්ඩාර, නිහාල් රූපසිංහ හා චමින්ද පේමතිලක නමැති වයස අවුරුදු 30ත් 40ත් අතර වයසේ පසුවන ගොවිතැනින් ජීවත් වන ගම් වැසියන් 5 දෙනකු වැටුපක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් අලුගෝසු තනතුරේ රාජකාරි කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

රටේ ජනතාව පීඩාවට පත් කරමින් දිනපතා වැඩි වෙමින් පවතින මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ රැල්ල නතර කිරීම සඳහාත් මහවිලච්චිය ගොවි ජනපදයේ හා රටේ දරු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහාත් තමන් මෙලෙස අලුගෝසු තනතුරේ ස්වේච්ඡාවෙන් රාජකාරි කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන බව ඔවුහු පැවැසූහ.

අද අපිට අහන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ අපරාධමයි. මේ අපරාධ ම¾ඩින්න රජය ගත්ත හොඳම තීරණයක් තමයි එල්ලුම් ගහ. මත්කුඩු විකුණුවත් මිනී මැරුවත් ස්ත්‍රී දූෂණ සිදුකළත් ඒවා කරන කිසිම කෙනෙක් මැරෙන්න කැමැති නෑ. නමුත් ඒ වරද සිදුකළාම කවද හරි බෙල්ලට තොණ්ඩුව වැටෙනවා කියලා දැනගත්තම මිනිස්සු ටිකක් බය වෙයි මේ දේවල්වලට යොමු වෙන්න.

ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය ගත්ත තීන්දුවට අපි සහාය දෙන්න සූදානම්. තනතුර භාර ගන්න කෙනෙක් නැත්නම් අපි එන්නම්. අපි ප්‍රසිද්ධ වෙන්න නෙවෙයි මේ දේවල් කියන්නේ. අපි බොහොම දුක් විඳලා ගොවිතැන් බතක් කරලා ජීවත් වෙන්නේ. නමුත් ජාවාරම්කාරයෝ වැරැදි වැඩ කරලා මුදල් හරි හම්බ කරගන්නවා. පුහුණුවක් ලබලා අලුගෝසු තනතුරේ රාජකාරි සිදුකරන්න අපි ලෑස්තියි යනුවෙන් ඔවුහු පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon