කුලියාපිටියේ ඉස්කෝලෙක මුරකාරයා කුඩු විකුණලා

  👤  3210 readers have read this article !
By mawbima 2018-07-19

ගිරිඋල්ල - ඔවින් කෞශල්‍ය

රාජකාරි වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී කුලියාපිටිය රජයේ උසස් විදුහලක ආරක්ෂකයකු ඊයේ (18දා) පෙරවරුවේ පාසල පැවැත්වෙමින් තිබියදී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

පහළ ගල්පොළ, ඉලුක්හේන ලිපිනයේ පදිංචි දීපාල් ද සිල්වා නමැති (32) ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයකු එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහරින බවට දිගින් දිගටම මවුපියන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් ලද තොරතුරුවලට අනුව විමර්ශන සිදුකරමින් සිටි පොලිස් කණ්ඩායම උපාය දූතයකු මාර්ගයෙන් අදාළ වැටලීම සිදුකොට පාසල තුළ සේවයේ යෙදෙමින් සිටියදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පාසල් සිසුන්ට හෙරොයින් අලෙවි කර ඇත්දැයි මෙහිදී විමර්ශනය කරන බව පොලිසිය පවසයි.

ඉකුත්දා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කුලියාපිටිය කොට්ඨාසයේ විදුහල්පතිවරුන් කැඳවා සිසුන් මත්ද්‍රව්‍ය සඳහා පෙලඹීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබිණි.

සැකකරු අදාළ හෙරොයින් තොගය සමඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, සහකාර පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස විස මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෝමතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන සුමිත් (64621), දසනායක (17778), දේශප්‍රිය (75497), කපිල (79149), ප්‍රනාන්දු (87952) යන නිලධාරීහු වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon