ගෙදර ගිය ෂම්සි ආපසු එයි

  👤  3160 readers have read this article !
By mawbima 2018-07-19

පෞද්ගලික හේතුවක් නිසා නැවත දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ටාබේ්‍රස් ෂම්සි නැවතත් එම කණ්ඩායම සමඟ එක්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිකුරාදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඔහු සහභාගි වන බව පසුගියදා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් පවසා ඇත.
එහිදී අදහස් දැක්වූ මහරාජ් "ෂම්සි අපගේ සංචිතයේ හැමවිටම සිටියා. ඔහුගේ පවුලේ අවශ්‍යතාවක් හේතුවෙනුයි ඔහු නැවතත් දකුණු අප්‍රිකාවට ගියේ. නමුත් දැන් ඔහු නැවතත් පැමිණ තිබෙනවා. ඒ නිසා ඔහු සූදානම් සිකුරාදා තරගයේදී නැවතත් අප කණ්ඩායමට එක්වන්නට" යනුවෙන් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ෂම්සිගේ නැවත පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහුගේ ස්ථානයට නම් කරතැයි අපේක්ෂා කළ නවක පා දඟ පන්දු යවන ක්‍රීඩක ශෝන් වොන් බර්ග් දකුණු අප්‍රිකාණු කණ්ඩායමට නම් කිරීමේ ඉඩකඩ සීමිත බව ද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon