අයි.සී.සී. ය ගත් තීරණය ගැන ක්‍රීඩා ඇමැති ෆයිසර් කනස්සල්ලෙන්

  👤  3114 readers have read this article !
By mawbima 2018-07-19

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වැරදිකරුවන් බවට පත් කිරීමට ගත් තීරණය පිළිබඳව දැනට විදේශගතව සිටින ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මෙසේ ප්‍රකාශ කර සිටී.

"එකී ක්‍රීඩකයන් සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් සියලු දෙනා අදාළ චෝදනා සඳහා නිවැරදිකරුවන් බවට කරුණු දැක්වීමට අප විසින් ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වී විමර්ශනය සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගරු අධිකරණ කොමසාරිස්වරයා විසින් ඔවුන් තිදෙනා වැරදිකරුවන් බවට පත් කිරීමට ගත් තීරණය පිළිබඳව මා මහත් සිත් තැවුලට පත් විය. ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය සතු සහ සාමාජික වගකීම් පිළිබද පූර්ණ අවබෝධයකින් සහ වගකීමකින් යුතුව කටයුතු කරන රටක් වන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උක්ත තීරණය පිළිගැනීමට බැඳී සිටින අතර එම තීරණයට කොන්දේසි විරහිතව අවනතවී කටයුතු කරන බව දන්වා සිටිමි.

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියකු වශයෙන් දැනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පනවා ඇති පන්දුව පලුදු කිරීම සම්බන්ධයෙන් වන නීතීන්හි අඩුලුහුඬුකම් බෙහෙවින් නිරීක්ෂණය වන අතර නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර නිශ්චිත වූත් පරිපුර්ණ වූත් ක්‍රියාමාර්ග මාලාවක් සහ වැරදි පිළිබඳව නිර්වචනය කරමින් එම ක්ෂේත්‍රය වඩාත් ථලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. තවද අවශ්‍ය සියලුම අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන් හට මාගේ පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බව මා අවධාරණය කර සිටින අතර සියලු ජාතීන්ද එක්ව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය සහයෝගය පළ කිරීමට පෙළගැසෙන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි"

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon