ලෝකයේ දියුණු තාක්ෂණික මෙවලම් මෙරට ධීවරයන්ට හඳුන්වාදීමට යයි

  👤  3144 readers have read this article !
By mawbima 2018-07-19

අනුරාධා හේරත්

අවම ඉන්ධන ප්‍රමාණයක් හා අවම පිරිවැයක් දරා වැඩිම මත්ස්‍ය ප්‍රමාණයක් නෙළා ගැනීම සඳහා දැනට ලෝකයේ භාවිත කරන තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සූදානම් වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ දැනට මත්ස්‍ය අපනයනයෙන් වාර්ෂිකව උපයන ආදායම ඩොලර් මිලියන 280 සිට බිලියන 1.5 දක්වා ඉහළ නැංවීමටද පියවර ගන්නා බවය.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට නවීන තාක්ෂණය ඉතා වැදගත් බව පවසන වෙදආරච්චි මහතා සඳහන් කළේ විශේෂයෙන් ටූනා මත්ස්‍යයන් බහුල ප්‍රදේශ හඳුනාගැනීමට, නෙළා ගන්නා මත්ස්‍ය සම්පත දින තුනෙන් තුනට ගොඩබිමට ගෙන ඒමටත් වැඩපිළිවෙළක් සකසන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon