පොරොන්දු දී වසර 7යි ලොතරැයි අලෙවි නියෝජිත කොමිස් මුදල ඉහළ නොදැම්මොත් වැඩ වැරුමකට යනවා - සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය

  👤  3088 readers have read this article !
By mawbima 2018-07-19

ආරියරත්න ගනේගොඩ

ලොතරැයි අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල් ඉහළ දමන බවට ලබාදුන් පොරොන්දුවට මේ වන විට හත් වසරක් ගත වී තිබුණත් මෙතෙක් එය ඉටු වී නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ගෙවී ගිය වසර තුනක කාලය තුළදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් අවස්ථා දෙකකදීත් කොමිස් මුදල් ඉහළ දමන බවට පොරොන්දු වූ බවද එම සංගමයේ සභාපති ඩී.එස්. මදරසිංහ මහතා 'මව්බිම'ට පැවැසීය.

දින 14ක කාලයක් තුළ මෙම ගැටලුව විසඳීමට කටයුතු නොකළහොත් ඉන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද හෙතෙම පැවැසීය.

පවතින ජීවන වියදම සැලකිල්ලට ගෙන අලෙවි නියෝජිතයන්ට ශත 25ක කොමිස් මුදලක් හා අලෙවි සභිකයන්ට ශත 25ක මුදලක් ඉල්ලා 2011 වසරේ සිට ඉල්ලීම් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ලොතරැයි මණ්ඩල දෙකම අනවශ්‍ය වියදම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වියදම් කරන බවත් එහෙත් ලොතරැයි මණ්ඩල දෙකට ආදායම් උපයා දෙන අලෙවි නියෝජිතයන්ගේ කොමිස් මුදල් 2009න් පසු මෙතෙක් ඉහළ දමා නොමැති බවද මදරසිංහ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon