වසර තුනකට පසු ග්ලයිෆොසේට් සඳහා විකල්පයක් සොයා ගත යුතුයි

  👤  3095 readers have read this article !
By mawbima 2018-07-19

නුවන් හෙට්ටිආරච්චි

තේ සහ රබර් සඳහා පමණක් ලිහිල් කළ ග්ලයිෆොසේට් තහනම අවුරුදු තුනකට පමණක් සීමා කර ඇති බවත් එම කාලය තුළ ඊට වෙනත් විකල්පයක් සඳහා යොමු විය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මේ බව පැහැදිලිව සඳහන් වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ඊට මුහුණ දීමට මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් හෙතෙම පැවැසීය.

ලෝකයේ වෙනත් රටවල ග්ලයිෆොසේට් භාවිත කරන අතර එයින් පරිසරයට හා පසට විශාල හානියක් සිදු නොවන බවත් සඳහන් කරන රංජිත් මහතා පෙන්වා දෙන්නේ තේ සහ රබර් වගා සඳහා අවශ්‍ය ග්ලයිෆොසේට් වෙනුවට වෙනත් විකල්පයක් වැවිලිකරුවන්ට හඳුන්වා දීමට ඉදිරි අවුරුදු තුන යොදා ගන්නා බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon