සුරා හා මත්ද්‍රව්‍ය සම්බන්ධව පසුගිය මාස හයේ 1156 දෙනෙක් අත්අඩංගුවේ

  👤  3118 readers have read this article !
By mawbima 2018-07-19

නුවන් හෙට්ටිආරච්චි

සුරාබදු නිලධාරීන් පසුගිය මාස හය තුළ කළ සුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 1156 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරා අපරාධ 1142ක්ද, මත්ද්‍රව්‍ය අපරාධ 4ක්ද ලෙස මෙම අපරාධ වෙන් වෙන්ව හඳුනාගෙන ඇත. නීති විරෝධී ලෙස මද්‍යසාර නිෂ්පාදනය, බෙදාහැරීම හා ළඟ තබා ගැනීම් ආදී ලෙස අපරාධයේ ස්වභාවය අනුවද එම දෙපාර්තමේන්තුව එම අපරාධද හඳුනාගෙන ඇත.

දිවයින පුරා කළ වැටලීම්වලින් අත්අඩංගුවට පත් මෙම පුද්ගලයන් වැඩි පිරිසක් කළුතර, මීගමුව, මාරවිල, මිනුවන්ගොඩ හා අනුරාධපුර යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බවත් මෙම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon