පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

  👤  3201 readers have read this article !
By mawbima 2018-07-19

මඩකළපුව - ජේ. ඛාන්

නැඟෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් හෙවත් සිවනේසතුරෛ චන්ද්‍රකාන්ත් අගෝස්තු මස 31දා තෙක් නැවත රිමාන්ඩ් කරන්නැයි මඩකළපුව දිසා මහෙස්ත්‍රාත් එම්.එම්. ඉස්සදීන් මහතා නියෝග කළේය.

පසුගිය 2015.12.25 වැනි දින මඩකළපුව ශුද්ධ වූ මරිය දෙව් මැඳුරේ නත්තල් උත්සවයට සහභාගි වෙමින් සිටි මඩකළපුව දිසා පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලයාන් ඇතුළු හතරදෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබීණි.

නඩුව ඊයේ (18දා) විභාගයට ගත් විට රජයේ නීතිඥවරයා අසනීප වීම නිසා අගෝස්තු 31 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon