ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ හිටපු මන්ත්‍රි හිමිනමක් අත්අඩංගුවට

  👤  3131 readers have read this article !
By mawbima 2018-07-19

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

ජාතික හෙළ උරුමය පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටි හිමිනමක් ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (17දා) අත්අඩංගුවට ගෙන ඇත.

මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයකදී අවුරුදු 10ක් පමණ වයසැති පිරිමි ළමයකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවත් අපයෝජනයට ලක් වූ බාලවයස්කාර පිරිමි දරුවා රෝහල් ගත කර ඇති බවත් මීරිගම පොලිසිය පවසයි. 63 වියේ පසුවන සැකකාර හිමිනම අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්ෂණය මත පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon