ඉන්ධන බවුසර් ප්‍රවාහන ගාස්තුව 15%ක් දක්වා වැඩි නොකළහොත් 22දා සියල්ලන් කොළඹට කැඳවනවා

  👤  3120 readers have read this article !
By mawbima 2018-07-19

ආරියරත්න ගනේගොඩ

ඉන්ධන බවුසර් ප්‍රවාහන ගාස්තුව 15% දක්වා ඉහළ දමන ලෙසට ලිඛිතව ඉල්ලා සිටි බවත් මේ පිළිබඳව රජයේ හා බලධාරීන්ගේ තීරණ මේ මස 21දාට පෙර ලැබිය යුතු බවත් එසේ නොමැති වුවහොත් 22දා සියලුම බවුසර් හිමියන් කොළඹට කැඳවීමට සැලසුම් කර තිබෙන බවත් පෞද්ගලික ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත ද සිල්වා මහතා "මව්බිම"ට පැවැසීය.

"මව්බිම" කළ විමසුමකට පිළිතුරු දුන් ශාන්ත ද සිල්වා මහතා මෙසේද කීය. අපි බවුසර්වලට ලබාදෙන ප්‍රවාහන ගාස්තුව 15%කින් ඉහළ දමන ලෙසට විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් හා තෙල් සංස්ථා සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටියා.

මැයි මාසයේදී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමේ හා වෙනත් කරුණු සැලකිල්ලට ගෙන ප්‍රවාහන ගාස්තු 12.5%කින් ඉහළ දමන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බවත් එම සංගමයේ සම ලේකම්වරයා පැවැසීය.

එහෙත් ජූලි 5දා සිට නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දමා තිබෙන හෙයින් 12.5%ක මුදල් ප්‍රමාණවත් නොවන බවට සාමාජිකයන් යෝජනා කර තිබෙන බවද ඔහු කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon