ඔන්ලයින් ක්‍රමයට ලංගම බස් ආසන වෙන් කර ගැනීම පිටකොටුවේදී හඳුන්වාදෙයි

  👤  3230 readers have read this article !
By mawbima 2018-07-19

උපතිස්ස පෙරේරා

ජංගම හෝ ස්ථාවර දුරකථන මඟින් ශ්‍රී ලංගම දුරගමන් සේවා සුඛෝපභෝගී හා සාමාන්‍ය බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ඉඹ්ඊඕ ඡ්ඔර්ථීඅඡ්ඉඉ ක්‍රමය හඳුන්වා දෙන බවත්, මගීන්ට නිවෙසේ හෝ කාර්යාලයේ සිට මෙම තාක්ෂණික නව ක්‍රමවේදය මඟින් තැරැව්කරුවන්ගෙන් තොරව කාලය හා ශ්‍රමය ඉතිරි කරගනිමින් තදබදයකින් තොරව ආසන වෙන්කරවාගත හැකි වන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔන්ලයින් ක්‍රමය යටතේ ශ්‍රී ලංගම බස් රථවල ආසන වෙන්කරවා ගැනීමේ නව තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වාදීම නිමිත්තෙන් පිටකොටුව ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පළේදී පසුගියදා (16දා) පෙරවරුවේ පැවැති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම දුරකථන හා පරිගණක ඔස්සේ ඉඹ්ඊඕ ඡ්ඔර්ථීඅඡ්ඉඉ ඒනන (යෙදුම) භාවිත කරමින් ඕනෑම අයකුට කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළින් ආරම්භ වන දුරගමන් සේවා බස් රථවල මෙමඟින් තමන් කැමැති ආසනයක් වෙන්කර ගැනීමට මගීන්ට අවස්ථාව ලැබී ඇත.

නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංගමය මෙම සේවා ආරම්භ කර ඇත්තේ දෛනිකව විශාල පිරිසක් මගී ජනතාව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට පැමිණ තම ආසන වෙන්කර ගැනීමට වැය කරන කාලය හා ශ්‍රමය නාස්තිවීම සැලකිල්ලට ගනිමිනි. එමෙන්ම මෙම වැඩපිළිවෙළ තුළින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා වන කවුළු නඩත්තු කිරීම හා සේවක ගෙවීම් සඳහා ශ්‍රී ලංගමයට වැය වන පරිපාලනමය වියදම් අවම කරගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

ඡ්ඔර්ථීඅඡ්ඉඉ-418 පෞද්ගලික සමාගම හා ඒකාබද්ධව ශ්‍රී ලංගමය මෙම දත්ත පද්ධතිය සකසා ඇති අතර තම ජංගම දුරකථනයෙන් වෙන්කරගත් ආසනයේ අංකය බස් රථයේ කොන්දෝස්තරවරයාට පෙන්වීමෙන් ආසනය සමඟ මගියාට ඡ් ටිකට් පතක්ද ලැබෙනු ඇත. කොළඹින් පිට ප්‍රධාන නගර අතර ධාවනය වන දුර ගමන් බස් රථවලද ආසන වෙන් කිරීමේ හැකියාව ඉදිරියේදී ලබාදෙන බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි. මේ සඳහා ගමන් ගාස්තුවට අමතරව රුපියල් 80ක අතිරේක ගාස්තුවක් ගෙවීමට මගියාට සිදුවෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා,

අප හඳුන්වාදෙන මෙම නව තාක්ෂණික ක්‍රමවේදය තවදුරටත් ප්‍රගුණකර පෞද්ගලික අංශය සඳහාද ක්‍රියාත්මක කළ යුතුයි. එය ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කළ හැකියි. මැරයන් යොදාගෙන බස් ධාවනය කරන යුගය අවසන් කළ යුතුයි.

ඒ වගේම ශ්‍රී ලංගම බස් රථ මාර්ග අනතුරු අවම ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා. ආරක්ෂිතව ගමන් යන්න ශ්‍රී ලංගම බස් රථයක් තෝරා ගැනීම මගී ජනතාවගේ අපේක්ෂාව වී තිබෙනවා. පෞද්ගලික අංශයේ බස් රියැදුරන් විහිළු තහළු කරමින් මෙන්ම එකිනෙකා පරයමින් තරගකාරීව ධාවනය කිරීම ජනතාවගේ ජීවිත අවදානම් තත්ත්වයට පත්වෙලා. ශ්‍රී ලංගමයට මැරයන් අවශ්‍ය නැහැ. ඒ වගේම මගීන්ට හිරිහැරයක් වන පරිදි පෞද්ගලික බස් රථවල වගේ එෆ්.එම්. රේඩියෝ ක්‍රියාත්මක කරන්න එපා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon