මත්තල ගුවන්තොටුපළට ඉන්දියානු ආයෝජන ගිවිසුම් සකස් කිරීමේදී විනිවිද භාවයකින් කටයුතු කළ යුතුයි - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

  👤  3068 readers have read this article !
By mawbima 2018-07-19

අනුරාධා හේරත්

මත්තල ගුවන්තොටුපළ සඳහා ඉන්දියානු ආයෝජන ගිවිසුම් සකස් කිරීමේදී ජාතික අභිලාෂයන් පෙරදැරි වූ විනිවිද භාවයකින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ හා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කර නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ගනුදෙනුවේදී කිසිදු විනිවිදභාවයක් සිදු නොවූ බවත් එය දේශපාලනඥයන් හා නිලධාරීන්ගේ අවශ්‍යතාව මත සිදු කළ දූෂිත ගනුදෙනුවක් බවත්ය.

එවැනි ක්‍රියාවක් මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් නොවිය යුතු බවත්ය.

මත්තල ගුවන්තොටුපොළ සඳහා වූ සමස්ත ආයෝජනය වන ඩොලර් මිලියන 252 වැයකොට ඇත්තේ චීන එක්සිමි බැංකුව හා ලංකා පුරවැසියන්ගේ මුදල්වලින් බවත්, ඒ අනුව චීන බැංකුවෙන් ලැබුණු ණය මුදලට අනුව 2%ක වාර්ෂික පොලියක් ගෙවීමටත් එය වසරේ මාර්තු සහ සැප්තැම්බර් මස හීන වන ශේෂය මත ගණන් බැලිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් කොට ඇත.

මත්තල ගුවන්තොටුපළ 2014 දී රුපියල් මිලියන 3,898ක්ද, 2015දී රුපියල් මිලියන 3,390ක් හා 2016 දී රුපියල් මිලියන 1,896ක්ද පාඩු ලබා ඇති බවත් එහි තවදුරටත් සඳහන්ය.

මත්තල ගුවන්තොටුපළ සඳහා වැය වන ණය මුදල් පියවා ගැනීම සඳහා ලාභදායී, විද්‍යාත්මක ප්‍රවේශයකින්, විකල්ප ගුවන්තොටක් ලෙස මත්තල වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon