කොමිස් කුට්ටිවලට ඉඟුරු මෙටි්‍රක් ටොන් 30,000ක් රටින් ගේන්න යයි

  👤  3756 readers have read this article !
By mawbima 2018-07-18

අනුරාධා හේරත්

කොමිස් කුට්ටිවලට යටවී පිටරටින් ඉඟුරු මෙටි්‍රක් ටොන් 30,000ක් ගෙන්වීමට රජය කටයුතු කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හෙළි කරයි.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසුවේ දැනටමත් ඉඟුරු මෙටි්‍රක් ටොන් 3,000ක් ගෙන්වීමට අවසර දී ඇති අතර එමඟින් දේශීය ඉඟුරු ගොවියා බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවය.

පසුගිය කාලය තුළ ඉඟුරු මිල විශාල වශයෙන් පහත වැටුණු බවත් තව දින කිහිපයකින් ඉඟුරු අස්වනු නෙළීමට නියමිත බවත් පවසන කරුණාරත්න මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ඒ අනුව දැනට රුපියල් 200 _ 300ත් අතර මිල මට්ටමක පවතින ඉඟුරු කිලෝව රුපියල් 150කටත් වඩා අඩු මට්ටමකට බැසීම අනිවාර්යයෙන් සිදුවන බවය.

එමෙන්ම ලොව ඉහළම ප්‍රමිතියෙන් යුත් ගම්මිරිස් ලංකාවේ නිෂ්පාදනය වුවද වසරකට ආනයනය කරන ගම්මිරිස් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 20,000කට අධික බවත් එලෙස ආනයනය කරන ගම්මිරිස් ප්‍රති අපනයනය කිරීම නිසා මෙරට ගම්මිරිස් පිළිබඳ විදෙස් රටවල් තුළ ඇත්තේ කළු පැල්ලමක් පමණක් බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon