පේරාදෙණිය ඉංජිනේරු පීඨය වැසෙයි

  👤  3735 readers have read this article !
By mawbima 2018-07-18

මහනුවර _ නදීක දයා බණ්ඩාර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව ඊයේ (17දා) තීරණය කොට තිබේ.

දේශන සඳහා සිසුන්ගේ සහභාගිත්වය සියයට අසූව (80%) අනිවාර්ය කොට තිබීම හේතුවෙන් ඉන්ජිනේරු පීඨ සිසුහු ඊට සති තුනක පමණ කාලයක සිට විරෝධය පළ කරමින් සිටියහ.

පැමිණීම සියයට අසූව අනිවාර්ය කිරීම මඟින් ඉන්ජිනේරු පීඨයේ සිසුන් සැලකිය යුතු පිරිසකට විභාගවලට සහභාගි විය නොහැකි බව කියමින් ඔවුහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය අසල සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටිති.

සිසුන්ගේ අඛණ්ඩ විරෝධතාව සම්බන්ධයෙන් රැස් වූ පාලක සභාව යළි දැනුම් දෙනතුරු ඉන්ජිනේරු පීඨය වසා දැමීමට තීරණය කොට ඇත.

ඒ අනුව ඊයේ (17දා) පෙරවරු 2.00ට ප්‍රථමයෙන් සියලුම ඉන්ජිනේරු පීඨ සිසුන් පීඨයෙන් හා නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බව පාලක සභාව දැනුම් දී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, ඉන්ජිනේරු පීඨ පීඨාධිපති මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත් කරන ලද එකොළොස් දෙනකුගෙන් මෙම පාලක සභාව සමන්විත විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon